සොදුරු ධාවකයා
on
අද මම අපූරු කතාවක් තමා කියන්න යන්නේ. මන් මේ කියන්න යන්නේ මේ ලෝක ඉතිහාසයේම විශිෂ්ටතම පරාජිතයා ගැන. මන් මේ මොනවා කියවනවද. මේ කතාව ඔබ කියවලම තේරුම් ගන්න. එතකොට ඔයාටම තේරේවි මොහු මොකටද විශිෂ්ට කියලා.
මේ කතාවේ කතා නායකයා වෙන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ආර්. කරුනානන්ද කියන සොදුරු මලල ක්‍රීඩකයා. ඔහු අධ්‍යාපනය හදාරා ඇත්තේ ගම්පොළ ජිනරාජ විද්‍යාලයෙන්. 1964 ඔලිම්පික් උළෙල පැවැත්වුනෙ ජපානයේ ටෝකියෝ නුවර. ඒ සදහා ශ්‍රීලංකාව නියෝජනය කල කණ්ඩායමේ සාමාජිකයෙක්. මොහු සහභාගී වුනේ මීටර් දසදහස (10000m) තරග ඉසව්ව සදහා. මීටර් 10000 සදහා පිටිය වටා වට 25 ක් දිව යා යුතුයි.
තරගය ආරම්භ වීමෙන් පසු කරුනානන්ද වට 19 ක් යන විට පළමුවැනියා තරගය නිමා කලේය. 20 වන වටයේදී 2 වන සහ 3නව ස්ථානත් තරගය නිමා කළ අතර අනෙක් ක්‍රිඩකයන් තරගයෙන් හමාර කලේය. ඒත් කරුනානන්ද තවමත් ධාවනයේ යෙදෙයි. හරිනම් කරුණානන්ද තරගයෙන් ඉවත් විය යුතුය. එහෙත් ඔහු 22 වන වටයේද ධාවනයේ යෙදෙයි. එහිදී තරගය නරඹමින් සිටි දස දහස් සංඛ්‍යාවක ප්‍රේක්ෂක පිරිස ඔහුට හූ කියන්නට විය. එහෙත් තවමත් ඔහු ධාවනයේය.
මේ අකාරයට ඔහු ධාවනයේ යෙදෙද්දී මීළගට පැවැත්වෙන තරගය සදහා අවශ්‍ය කටයුතු සුදානම් කෙරිණි. නමුත් කරු තවමත් තරගයෙන් ඉවත් නොවීම නිසා එම තරගද පැවැත්වීමට නොහැක. මේ අකාරයට 23 වටයද ඔහු පසු කළේය. එම අවස්ථාවේදී ප්‍රේක්ෂකයන් ඔහුට අතට අසුවන දෙයින් ගසන්නට විය. කිසිම දෙයක් ඔවුනු තරමට ඔහු ධාවනයේ යෙදෙයි.
කෙසේ හෝ ඔහු 25 වන වටයෙන් තරගය නිමා කරනු ලැබීය. එම මොහොතේදී සමස්ථ ප්රේක්ෂකයන්ගෙන්ම ඔහුට නැගී සිට අත්පොළසන් නද එල්ල කලේය. ඒ ලොවක් පුදුම කල පුද්ගලයා තරගය නිමා කරමින් මාධ්‍යවේදීන් සමග ප්‍රකාශකර සිටියේ තමන් මෙම තරගයට සහහාගී වූයේ තරගය අරම්භ කිරීමට පමණක් නොව එය අවසන් කිරිමට බවය.
මේ කතාවෙන් මම කියන්නට උත්සහ කලේ තමන් මොන වැඩේ කලත් එය නිමා වන තුරු තම උත්සහය අතහරින්නට එපා යන්නය. හුගක් දෙනෙකු විසින් සිදු කරනු ලබන්නේ මොන දේ කලත් එය නිමා නොකර තරමගදි එය අතහැරීමය.
එදා කරුනානන්ද කල වික්‍රමය නිසාම ජපානය ඔහුට ආරාධනා කරනවා ජපන් දරුවන්ට මේ උත්සහය, අධිෂ්ඨානය ගැන ඉගැන්වීමට. එසේම අදටත් ජපානයේ 5 වසරේ සිසුන්හට ඔවුන්ගේ පෙළ පොතේ පළමු පාඩම ලෙස ඔහු එදා ලෝකයට දුන් ආදර්ශය ගැන "ධෛර්යයවන්ත මිනිසා" නමින් සදහන් වෙයි .
ඒ වගේම මෙයින් ඔබේ ජිවිතයට ගත හැකි තවත් ආදර්ශයක් නම් තමන්ට කොච්චර බාධක, කම්කටොළු ආවත් එහි ප්‍රතිඵලයක් දකින තුරු එම කාර්යය අත් නොහැරීමය.
එහෙමනම් යාලුවනේ මේ වගේ ඔබේ ජීවිතයට වටිනා ලිපියකින් හමුවෙමු...................
හැමෝටම බුදුසරණයි !
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****