Sunday, 2 March 2014


           
                  මේ යටතේ කතා කරන්නේ ඔබට මට හැමෝටම එක සේ වැදගත් වන වර්තමානයේ වැඩි වශයෙන් කතා බහට ලක් වන ප්‍රභල සමාජ කතිකාවන්ට නිරතුරු ලක් වන මාතෘකාවක් වන අයිතිවාසිකම් පිළිබදවයි. මොනවද මේ අයිතිවාසිකම් කියන්නේ යන්න විමසීමේදි මිනිසාට සිය ජීවිතය යහපත් අන්දමින් පවත්වා ගෙන යාමට අවශ්‍ය කොන්දේසි ලෙස සරලව හදුනා ගත හැක.
                 අයිතිවාසිකම් වලට දීර්ඝ ඉතිහාසයක් පවති. විශේෂයෙන් 1215 මැග්නා කාට ගිවිසුම, 1776 අමෙරිකානු නිදහස් සටන, 1971 අයිතිවාසිකම් ප්‍රකාශනය,1789 ප්‍රංශ විප්ලවය ආදී ප්‍රකාශන, 1948 මානව අයිතිවාසිකම් පිළිබද විශ්ව ප්‍රකාශනය,1966 ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබද අන්තර්ජාතික සම්මුතිය සමග අයිතිවාසිකම් පිළිබද කතිකාවත වර්ධනය විය.
             මෙම අයිතිවාසිකම් රටින් රටට, එහි ඇති ආණ්ඩු ක්‍රමයන් අනුව වෙනස් වේ. විශේෂයෙන් ශ්‍රි ලංකාවේ ආණඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් 'ජිවත් වීමේ නිදහස'  පිළි නොගත්තද දකුණු අප්‍රිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ එය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනී.
             ශ්‍රි ලංකාවේ අයිතිවාසිකම් පිළිබද විමසීමේදි 1972 සහ 1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාවන් පිළිබද සොයා බැලිම වැදගත් වේ. 1833 කෝල්බෲක් ව්‍යවස්ථාවේ අයිතුවාසිකම් අන්තර්ගත කලත් විධිමත්ව අන්තර්ගත් කල නොකල නිසා ප්‍රථම වතාවට 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව තුළින් දේශීය අවශ්‍යතා පදනම් කර ගෙන අයිතිවාසිකම් මාලාවක් අන්තර්ගත කරනු ලැබීය. එහි හයවන පරිච්ජේදයේ 18(1) උප වගන්තියේ ජනතාව සතු අයිතිවාසිකම් අන්තර්ගත කර ඇත. එහි සදහන් අයිතිවාසිකම් කිහිපයක් නම්,

   අ)  නීතිය පසිදලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ ‍රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.
  ආ)  නීතියට අනුකූලව මිස කිසිම තැනැත්තෙක්ගේ ප්‍රාණයට හෝ පෞදගලික සුරක්ෂිත භාවයට හානි නොකල යුත්තේය.
  ඇ) නීතියට අනුකූලව මෛස කිසිම පුරවැසියෙකු අත් අඩංගුවට ගැනීම, අත් අඩංගුවේ තබා ගැනීම, බන්ධනාගාර ගත කිරීම නොකල යුත්තේය.
   ඈ) සෑම පුරවැසියෙකුටම සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස, ආගමික නිදහසට අයිතියක් ඇත්තේය.
  ඉ) සැම පුරවැසියෙකුටම එකලා හෝ අන් අය සමග ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමටත්, වැඩි දියුණු කිරීමටත් අයිතියක් ඇත්තේය.
   ඊ) පුරවැසියන්ට සාමකාමීව ‍රැස්වීමේ සහ සමාගමයේ නිදහසට අයිතියක් අත්තේය.
  උ) සෑම පුරවැසියෙකුටම භාෂණයේ හා ලේඛනයේ නිදහස මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේඅ නිදහසට අයිතියක් ඇත්තේය.
  ඌ) කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, කුලය, ස්ත්‍රි පුරුෂ භාවය යන කිසිම කරුණක් මත වෙනස්කමකට හෝ විශේෂතාවයකට භාජනය නොවිය යුත්තේය.
   එ) සෑම පුරවැසියෙකුටම ශ්‍රි ලංකාව තුළ යෑමේ සහ ඒමේ නිදහස හා අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට අයිතියක් ඇත්තේය.

මෙහි දුර්වලතා

     1. අයිතිවාසිකම් වලට වැඩි වැදගත් කමක් හිමි නොවීම.
                 මෙම ව්‍යවස්ථාවේ පරිච්ජේද 16ක් සහ වගන්ති 134 කින් සමන්විත එහෙත් අයිතිවාසිකම් වලට වෙන් කර ඇත්තේ 18 (1) උප වගන්තියේ පමණි.
     2. අයිතිවාසිකම් විස්තරාත්මකව දක්වා නොතිබීම
     3. අයිතිවාසිකම් වලට නීතිමය ආරක්ෂාවක ලබා නොදීම
     4. වැදගත්ම අයිතිවාසිකම් ව්‍යවස්තාවේ අන්තර්ගත කර නොතිබීම
                   උදා-: ජීවත් වීමේ නිදහස
     5. අයිතිවාසිකම් භුක්ති විදීමට ඇති සීම පුළුල් වීම
                 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18(2) උප වගන්තියේ අයිතිවාසිකම් භුක්ති විදීමට ඇති සීම දක්වා ඇත. මෙම සීමාවන් ඉතා පුළුල් නිසා අයිතිවාසිකම් භුක්ති විදීමට නොහැකි පසුබිමක් ගොඩ නැගී ඇත. මෙහි සදහන් සීමවන් වන්නේ,
                "ජාතික එක්සත් බව හා පූර්ණත්වයද රාජ්‍ය ආරක්ෂාව හා මහජන ආරක්ෂාවද රටේ යථා පැවැත්මද තහවුරු කිරීම පිණිසත් ජාතික ආර්ථිකයද , මහජන සෞඛ්‍ය ද සදාචාරයද අන් අයගේ අයිතිවාසිකම් හා නන් වැදැරුම් නිදහසද ආරක්ෂා කිරීම සදහා 16 වන වගන්තියේ විදහා දැක්වෙන රාජ්‍යය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්මය ක්‍රියාත්මක කිරීම සදහා නිතියෙන් නියම කරනු ලබන්නාවු සීමාවන්ට යටත්ය."   
     6. ඇතැම් අයිතිවාසිකම් පුරවැසියන්ට පමණක් සීමා කර තිබීම.

                 යාළුවනේ මේ පොස්ට් එක තවත් දික් කරන්න බලපොරොත්තු වන්නේ නැ. මේ ලිපියේ තව කොටසක් තියෙනවා මේකේ දෙවැනි කොටසත් ඉක්මනට දෙන්නම්. ඔයගොල්ලන්ට මේ පොස්ට් එක වැදගත් වුනා නම් කමෙන්ට් එකක් දාල යන්න.

හැමෝටම බුදුසරණයි...!

                 

0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****