Sunday, 2 March 2014

   
      යාළුවනේ කොහොමද ඔයාලට හොදින් නේ. හරි අද මම කියන්න යන්නේ එක්තරා සුවීශේෂි මාතෘකාවක් ගැන. පොස්ට් එකේ නමින්ම තේරෙන්වා ඇති නේ. නිර්මාංශ වීම, වර්තමානයේ වැඩිපුරම සාකච්ජාවට ලක් වන මාතෘකාවක්. මොකක්ද මේ නිර්මාංශ වීම කියන්නේ මාංශ ආහාර නොකන එළවළු පළතුරු වලින් තම ආහාර වේල සදහා පිරිමසා ගන්නා පිරිසට තමයි අපි නිර්මාංශයයි කියලා කියන්නේ.   මෙම නිර්මාංශ අය තවත් ප්‍රධාන කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. එනම්,

  1. Fruitarians -  මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා. එසේම සැකසූ ආහාර පවා භාවිතා කරන්නෙ නැහැ .
  2. Vegans: මොවුන් සියළු සත්ත්‍ව නිශ්පාදන භාවිතයෙන් වැලකෙනවා.
  3. Lacto vegetarians: කිරි ආහාර භාවිතා කළත් බිත්තර පාවිච්චියක් නැහැ
  4. Lacto  ovo vegetarians: මස් මාංශ වලින් වැලකුණත් බිත්තර සහ කිරි ආහාරයට ගන්නවා. 
  5. Semi  vegetarians: මාළු සහ කුකුළුමස් වැනි සුදු මස් භාවිතා කළත් රතු මස් භාවිතා කරන්නෙ නැහැ. සාමාන්‍යයෙන් මේ අය නිර්මාංශ පුද්ගලයින් ලෙස වර්ග කෙරෙන්නේ නැහැ.
         බොහෝ දෙනා නිර්මාංශ වීම පිළිබදව ගැටළුකාරී තත්වයන් ඇති කර ගෙන තිබෙනවා. සාමන්‍යයෙන් හැදෙන දරුවෙකුට (වයස අවුරුදු 18 තෙක්) නිර්මාංශ අහාර ගැනීම හිතකර නොවිය හැකිය. මන්ද වර්ධන අවදියේදි එම අවශ්‍ය පෝෂණය නොලැබී යාම ගැ‍ටුලුකාරි තත්වයක්.නමුත් අවුරුදු 18න් පසු නිර්මාංශමය අහාර ලබා ගැනීම එතරම් ගැටළුකාරී තත්වයන් ඇති කරන්නක් නොවේ. නමුත් එහිදී ඔබේ පෝෂණයට අවශ්‍ය වර්ධක කොටස් ඔබේ ආහාර වේලේ අන්තර්ගත වනවාදැයි බලන්න. එනම්,

         සාමාන්‍යයෙන් මාංශ භක්ෂක අයකුගේ ආහාර වේලකට එළවළු වර්ග 2 ක් හෝ 3 ක් ඇතුළත්ව එළවළු මේස හැඳි 6 ක්වත් ඇතුළත් විය යුතුයි. නමුත් නිර්මාංශ පුද්ගලයකුගේ ආහාර වේලකට එම එළවළු ප්‍රමාණය මෙන් දෙගුණයක එළවළු ප්‍රමාණයක් තිබීම වැදගත්. තවත් වැදගත් වන දෙයක් නම් ඔබේ ආහාර වේල සදහා මුං ඇට, කඩල කවුපි වැනි පෝෂ්‍ය දායක ධාන්‍ය වර්ග අන්තර්ගත කර ගැනීමයි.

         ඔබ දන්නවාද අදට ඔබ කොපමණ මාංශමය ආහාර ප්‍රමාණයක් ලබා ගෙන ඇතිද. ගණන් කරන්නට නොහැකි නේ. මාළු මස් බිත්තර කොපමණ ඔබ ආහාරයට ගෙන ඇතිද. අද හරක් මැරීම තහනම් කරන ලෙස කරන විවිධ වැඩසටහන්, උද්ඝෝෂණ ව්‍යාපාර, ජීවිත පූජා කිරීම් කොපමණ සිදුවෙනවාද. නමුත් එයට ලබා දිය හැකි හොදම විසදුම නම් ඔබ නිර්මාංශී වීමයි.

         තවද ඔබ නිර්මාංශී වූවිට සතුන් කොපමණ ප්‍රමාණයක්ගේ ජීවිත සු‍රැකෙනවාද. මිනිසුන් වන අපටත් සොබාදහමේ තවත් අපූර්ව නිර්මාණයක් වන සතුන්ටත් මේ මිහිතලය ජීවත් වීමට අයිතියක් ඇත. ඔබ මදකට සිතා බලන්න ඔබට සුළු තුවාලයක් වුවත් දැනෙන වේදනාව වගේම මේ මස් කරන්නට ගෙන යන කුමන සතෙකුටත් දැනෙන වේදනාව ඔබට දැනෙන වේදනාවට වඩා විශාලයි. එබැවින් සත්ව හිංසනයෙන් වැලකෙමු. අද පටන්වත් නිර්මාංශ වෙමු. තවත් අහිංසක සතෙකුගේ ජිවිත සුරකිමු.


         පොස්ට් එක පිළිබදව ඔබේ අදහස් එක් කරන්න  


ඔබට බුදුසරණයි..!       

0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****