මුල් කොටස බැලුවේ නැත්නම් මෙතැනින් යන්න
බ්ලොග් අඩවියක් හදමු පළමු කොටස
කලින් පොස්ට් එකෙන් ඔයගොල්ලෝ හදාගත්ත බ්ලොග් එකේ 2වන කොටස තමයි මේ. හරි දැන් ඔයාලා අර Title එක උඩ ක්ලික් කරහම මෙන්න මේ වගේ Page එකක් තමයි වැටෙන්නේ.
දැන් ඔයා ඉන්න තැනට කියන්නේ ඇතුළු ඩැෂ්බෝඩ් (Dashboard) එක කියලා
යාළුවනේ මේ පිටුවෙන් තම්යි අපි බ්ලොග් එකට කරන හැම වෙනස්කමක්ම කරන්නේ. අපි මේවා එකින් එක ඉගෙන ගාමු නේ.
වම් අත පැත්තේ උඩම කොනේ තියෙන්නේ උඩ තියෙන පිංතුරේ. එකේ මම අංක දාලා තියෙන ඒවා බල්මුකෝ.
1.ඔයාලට අපහු Blogger Home Page එකට යන්න පුළුවන්
2.අළුත් පොස්ට් එකක් ලියන්න යන්න මෙතැනින්
3.ඔයා දැනට ලියලා තියෙන පොස්ට් ගණන බලා ගන්න පුළුවන්. තාම මුකුත් ලියලා නැති නිසා මෙතැන් හිස්ව තියෙන්නේ
4.දෑන් ඔයාගේ බ්ලොග් එක කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්
ඊළගට ඔයාලට ගොඩාක් වෑදගත් වන Menu Item ටික ගැන තමයි කියන්න යන්නේ. පහත පින්තුරේ බලන්නකෝ.
දැන් ඔයා ඉන්නේ Overview කියන කොටසේ මේ කොටසින් ඔයාලට දැනගන්න පුළුවන් ඔයගේ බ්ලොග් එක පිළිබද විස්තර බලා ගන්න පුළුවන්, Update නම් කොටසින් ඔයාලගේ පොස්ට් වලට දාපු Comment ගණන, දැනට දාලා තියෙන පොස්ට් ගණන, Pageviews ගණන වගේ දේවල් බලාගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන Blogger Guide කොටසින් බ්ලොග් උපදෙස් ලබාගන්න පුළුවන් .
1. අළුත් පොස්ට් එකක් ලියන්න මෙතැන පාවිච්චි කරන්න පුළුවන්.
2. කලින් මේ ගැන කතා කරානේ
3. පොස්ට් ලියන්න පුළුවන් තවත් තැනක් තමයි මේ. කලින් තැන් 2ක් හම්බුනානේ. ඔයා මේ කොතැනින් ගියත් යන්නේ පහළ තියෙන පිංතූරේ ගාවට තමයි.
තාම ඔයා පොස්ට් ලියලා නැනේ හරි දැන් අපි පොස්ට් එකක් ලියන්න යමු. දැන් ඔතන තියෙන්ව නිල් පටින් ලියල තියෙන Create a new post අන්න ඒක උඩ ක්ලික් කරන්නකෝ. දැන් මෙහෙම Page එකක් එයි.
Microsoft word දන්නවනම් එච්චර අමාරු නෑ. දැන් පහළ තියෙන පින්තුරේ කොටස් ටික බලමු.
රූපය අපැහැදිලි නම් ඒක උඩ ක්ලික් කරන්න.
1. Post title – මෙය යම් කිසි ලිපියක් ලිවීමේදි එහි මාතෘකාව හදුන්වා දෙන්නේ මෙයින්ය
2. Undo – ලිපියක් ලිවීමේදි යම් තැනක වැරදීමක් සිදු වුවහොත් එය ආපස්සට හරවන්නේ මෙයින්ය.
3. redo - යම් කිසි ලෙසක Undo කරන විට යලිත් ඉදිරියට ගත යුතු නම් කරන්නේ මෙයින්ය.
4. Font – මෙයින් අකුරු වර්ගය වෙනස් කල හැක.
5. Font size – මෙයින් අකුරුවල ප්‍රමානය වෙනස් කල හැකිය.
6. Format - ඔබේ එකේ වචන අකුරු මොන විදියෙන් තියෙන්න ඕනෙද කියලා තිරණය කරන්න පුළුවන්
7. Bolt- ඔබේ ලිපියේ අකුරු වචන තද පැහැයක් කිරීමට භාවිතා කරයි
8. Italic – ඔබේ ලිපියේ අකුරු ඇල කිරීමට.
9. Underline - යම් කිසි අකුරක් හෝ වචනයක් යටින් ඉරක් ඇදීමට
10. Strikethrough - යම් කිසි වචනයක් අකුරක් යටින් ඉරක් ඇදීමට
11. Text colour - වචනයක්, අකුරක් වර්ණ ගැන්වීමට
12. Text Background Colour - ඔබ දමන ලිපියේ වචන හෝ අකුරු Highlight කිරීමට.
13. Add or remove link - යම් කිසි වෙබ් අඩවියක හෝ වෙබ් පිටුවක link එකක් දැමීමට හා ඉවත් කිරීමට මෙය යොදා ගත හැක.
14. Insert image - මෙයින් ඔබට ඔබේ පොස්ටු සදහා ජායාරූප එකතු කල හැක
15. Insert a video - මෙමගින් Video Clip එකතු කල හැක.
16.Insert jump break - මෙමගින් යම් කිසි ජේද දෙකක් වෙන් කර දැක්වීමට භාවිතා කරයි
17. Alignment - ඔබේ ලිපිය තිබිය යුත්තේ කෙසේ දැයි තීරණය කල හැක එනම් මෙය කොටස් 4කි .
1. Align left- වම් පසින්
2. Align centre - මැදින්
3. Align right - දකුණු පසින්
4. Justify - සමාන්තරව
18. Numbered list - මෙයින් ඔබේ ලිපියේ දැක්විය යුතු විශේෂ කරුණු සදහා ඉලක්කම් යෙදිය හැක.
19. Bullet list - මෙයින් ඔබේ ලිපියේ දැක්විය යුතු විශේෂ කරුණු සදහා bullet යෙදිය හැක.
20. Quote - වචන හෝ ජේද විශේෂ කර දැක්වීම සදහා
21. Remove formatting - මෙයින් දැනට ඇති Format ඉවත් කල හැක.
22. Check spelling - Spelling පරික්ෂා කිරීමට පුළුවන්.
තව දෙයක් මට අමතක වුනා කියන්න මෙතැන තියනවා Compose , HTML කියල දෙකක්. අර Post Title එකට පහළින්
HTML කියන්නේ වෙබ් අඩවි නිර්මාණය කරන්නට ඇති පරිගනක ආශ්රිත ලොව ජනප්‍රියම භාෂාවක්. ඒක හැමෝටම බෑනේ. අන්න ඒ භාෂාව අපිට ලියන්න පහසු වෙන විදිහට අමුණලා Compose (සිංහලෙන් කිව්වොත් අමුණනවා) දෙන එක.
දකුණු අත පැත්තේ කොනේ තියනවා Post setting කියලා එකක්
යාළුවනේ මේ පොස්ට් එක ගොඩක් දිගයි ඒ වුනත් මේ ටිකත් කියලා දෙන්න ඕනේ.
මුලින්ම තියෙන්නේ Labels මෙකෙන් වෙන්නේ ඔයා දැකලා ඇති සමහර සයින් වල වෙන Categories කරලා තියෙනවා. Software, Blogging tricks, Mobile වගේ අන්න ඒ විදියට ඔයා දාන පොස්ට් වර්ග කරන්න පුළුවන්.
කරන්නේ මෙහෙම්යි දැන් ඔයා Labels ක්ලික් කරන්නකෝ. ක්ලික් කරාම මේ වගේ එකක් එනවා
දැන් මේකෙ Lables වලට පහළින් තියෙන කොටුවේ ඔයාට පොස්ට් එක වර්ග කරන්න ඕන නම ලියන්න. ඊට පස්සේ පහළ තියෙන Done ක්ලික් කරන්න. මගේ මෙතැන අධ්‍යාපන, බ්ලොග් කියලා තියෙන්නේ කලින් කරපු Labels තමයි.
ඊළගට Schedule කියන එක
මෙකෙන් ඔයාලට Post එක දානකොට තියෙන වේලාව තීරණය කරන්න
Automatic කියලා කියන්නේ ඔයා Post එක Publish කරනකොට තියෙන දැන් වෙලාව ස්වංක්‍රියව වැටෙනවා.
කියන්නේ ඔයා දාපු Post එක දාන්න ඕන දිනය හා වේලාව ඔයාටම තීරණය කරන්න පුළුවන්
ඊළග Permalink ඔයාගේ Post එකේ ලින්ක් එක මෙතැනින් පෙන්නනවා. කලින් කිව්වා වගේම Automatic කියන්නේ ස්වංක්‍රීයවම වැටෙන ලිංක් එක
ඔයාට කැමති ලින්ක් එකක් හදාගන්න ඕන නම් Custom Permalink ක්ලික් කරලා යටින් වැටෙන කොටුවෙ ඔයාට ඕන නම දාලා Done ඔබන්න
ඊළගට Location - Post එක දාද්දි ඔයා ඉන්න තැන මෙතැනින් දෙන්න පුළුවන්. උඩ තියෙන Search box එකෙ ඔයා ඉන්න තැන ගහලා Search එබුවම හරි. නැත්නම් Map එකෙනුත් හොයන්න පුළුවන්.
ඊට පස්සේ Done ඔබන්න.
අන්තිම එක Option මෙකේ කොටස් 4ක් තියෙනවා මෙවත් එකින් එක බලමු.
1. Reader comments - මෙකෙන් ඔයාගේ බ්ලොග් එකට එන අයට පොස්ට් වලට කමෙන්ටු දාන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න පුළුවන්.
Allow - කමෙන්ටු දාන්න පුළුවන්
Don't allow, show existing හා Don't allow, hide existing මේ 2න් නම් කෙමෙන්ටු දාන්න බෑ කාටවත්
2. Compose mode හා Line breaks කියන්නේ html code සම්බන්දව තමා කියන්නේ.
දැන් අපි Post කොටස නම් ඉවරයි. Page, Comments, Google+, Layout, Templates ඊළග කොටසෙදි තියෙන්නේ. එහෙනම් මම ගියා. බුදුසරණයි...
0 comments:
Post a Comment
වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****