Wednesday, 12 March 2014



යාළුවනේ කොහොමද ඔයාලට. මම නම් හොදින්. අද මම මේ පොස්ට් එකෙන් ගෙනාවේ කොහොමද බ්ලොග් එකක් හදා ගන්නේ කියලා.

වෙබ් සයිට් එකක් හදා ගන්න ටිකක් අමාරුනේ. එහෙම අයට තියෙන විසදුම තමයි බ්ලොග් අඩවි. මෙය නොමිලේ දෙන සේවයක්. ඉතින් ඔයාලත් කැමති ඇතිනේ තමන්ටම කියලා බ්ලොග් එකක් පටන් ගන්න. හරි ඉතින් මේ බ්ලොග් පාඩම් මාලාවේ පළමු වැන්න.

බ්ලොග් එකක් හදන්න පුළුවන් ප්‍රධාන ආකාර කිහිපයක් තියෙනවා. නමුත් අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Blogger සහ Wordpress කියන අඩවි. 


මම මේ පොස්ට් එකෙන් කියන්නේ වලින් කොහොමද Blogger  වලින් බ්ලොග් එකක් හදා ගන්නේ කියලා ඔයාට මේ සදහා තියෙන්න ඕනේ Gmail ගිණුමක් පමණයි. තවමත් ඔබට Gmail ගිණුමක් නැතිනම් මෙතැනින් (තත්පර 5ක් ‍රැදි සිට දකුණු අත ඉහළ කෙලවරේ ඇති SKIP AD කිලික් කරන්න ) ගිහින් හදාගන්න.


Gmail එකක් හදාගන්න දන්නේ නැති යාළුවො ඉන්නවනම් මෙතැන (තත්පර 5ක් ‍රැදි සිට දකුණු අත ඉහළ කෙලවරේ ඇති SKIP AD කිලික් කරන්න) ක්ලික් කරන්න.

 හරි දැන් ඔයා මෙතැනින් (තත්පර 5ක් ‍රැදි සිට දකුණු අත ඉහළ කෙලවරේ ඇති SKIP AD කිලික් කරන්න) blogger අඩවියට යන්න

 දැන් ඔයාගේ Gamil එකයි Password එකයි දීලා බ්ලොග් වලට ලොග් වෙන්න ඕනේ. හරි ඔන්න ඊට පස්සේ මේ වගේ  Page එකක් එයි. 




දැන් ඔබට අළුත් අඩවියක් සෑදීමට, මෙහි ඇති New Blog යන්න මත Click කරන්න (රතු පාටින් රවුම් කළ තැන).

 දැන් එහෙම ක්ලික් කරාම මෙන්න මේං එකකුත් එනවා



මෙන්න මේකේ කොටස් 3ක් තියෙනවා නේ.


1. Title - යන තැනට ඔබ කැමති නමක් ලබා දෙන්න. මේක තමයි මගේ     බ්ලොග් එකේ නම් අර තරිදුගේ බ්ලොග් අඩවිය කියලා තියෙන්නේ


2. Address - මෙය ඔබේ blog අඩවියේ ලිපිනයයි. මෙයටද කැමති නමක් ලබා දෙන්න. නමුත් ඔබේ Blog ලිපිනය දැනටමත් වෙනත් අයකු ලබා ගෙන ඇත්නම් එම ලිපිනය ලබා ගත නොහැකි වේවි. එවිට
Sorry, this blog address is not available ලෙස පණිවිඩයක්  දිස්වේවි. එවිට වෙනත් නමක් උත්සහ කර බලන්න.


ඔබට එම ලිපිනය ලබා ගත හැකි නම් This blog address is available

ලෙස දර්ශනය වෙයි.



 





3. Template - Template යනු ඔබේ Blog එකේ මුහුණතයි. ඕක ඔහොම්ම තියන්න. පස්සේ ඕක වෙනස් කරන්න පුළුවන්. දැන් Create blog! Click කරන්න.   


 දැන් මේ page එක එනවා







 දැන් ඔය tharindu කියල තියෙන්නේ(මම දුන්නු Title එක) ඔතන වැටෙන්නේ ඔයාලා ඉස්සෙල්ලා දුන්නු Title එකට දුන්නු නම හොදේ. අන්න ඒක උඩිනුත් දැන් කොටන්නකෝ.

 තව එකක් කියන්න ඕනේ දැන් ඔයා ඉන්න පේජ් එකට කියන්නේ පිටත ඩෑෂ්බෝඩ් (Dashboard) එක කියලා

දැන් නම් මට කොටලා කොටලම මහන්සියි. මෙකේ ඉතුරු ටික ඊලග පොස්ට් එකෙන්. හැමෝටම බුදුසරණයි......................*****







0 comments:

Post a Comment

වැරදි ඇත්නම් කියලා යන්න ආසයි මන් හදා ගන්න ***
…පොස්ට් එක හොදයි නම් අදහස් දමා යන්න හොද වෙයි මගේ ඉදිරි අනාගතයට *****